පළාත් පාලන මැතිවරණය පිළිබඳ අවසන් තීන්දුව 19 වැනිදා..


පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමට සහ මැතිවරණ පවත්වන දිනය තීරණය කිරීම සඳහා සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුත් ජාතික මැතිවරණ කොමිසම එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රැස්වීමට නියමිතය.

පළාත් පාලන ආයතනවල සභික ධුර සංඛ්‍යාව ගැසට් කළ පසු මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට බලය හිමි වන බව එම කොමීසම පවසයි.

(DE සිල්වා)

Comments