අඹුසැමි මළ සිරුරු අනුරපුරෙන් හමුවෙයි


අනුරාධපුර, විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක තිබී අඹුසැමි යුවලකගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

මියගිය කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල තිබූ බව අද දෙරණ ප්‍රාදේශිය වාර්තාකරු සඳහන් කළේය.

පිරිමි පුද්ගලයා ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

කාන්තාවගේ පෙර විවාහයේ දරුවා අද(13) උදෑසන නිවසට පැමිණෙන විට සිද්ධිය දැක ඇති බව වාර්තා වෙයි.

මියගිය පුද්ගලයින් අවුරුදු 35ත් 45ත් අතර වයසේ පසුවන බව අනාවරණය වෙයි.

Comments