ඉරාජ් ලිංගික බෙලහීනයෙක් ? ප්‍රවීන ගායකයාට අපහාස කළ වීඩියෝව පරදා ඔහුගේ ජීවිත කතාව බවට පැවසෙන වීඩියෝව Youtube අංක 1ට ආවේ මෙහෙමයි


පසුගිය කාලය පුරා සමාජජාල ඔස්සේ කතාබහට ලක්වුණු මාතෘකාවක් වූයේ අපේ රටේ ප්‍රවීන කලාකරුවෙකු වූ වික්ටර් රත්නායක මහතාගේ ජීවිත කතාව බවට පැවසෙන සිද්ධියක් සමඟින් විවිධ විකෘතිතා සහිත දර්ශන සමඟින් ඔහුට අපසාහ වන ආකාරයෙන් නිර්මාණය කළ මියුසික් වීඩියෝවක් සම්බන්ධවයි.
මෙය නිර්මාණය කළ ඉරාජ් නම් පුද්ගලයාට පසුව තරුණ තරුණයින් බොහෝ පිරිසක් දෝෂාරෝපණ එල්ල කර තිබුණේ තවත් අයෙකුගේ පෞද්ගලික ජීවිතය හෑල්ලුවට ගෙන මුදල් සොයනා බිස්නස්කාරයෙකුගේ ලේබලය ඔහුට අලවමින්.
එමෙන්ම ඇතැම් ප්‍රවීන කලාකරුවන්, තිර රචකයින් ඇතුළු බොහෝ පිරිසක් මෙයට අප්‍රසාදය පළකර සිටි අතර එහි උච්චතම අවස්ථාවට පසුගියදා පැමිණියේ ගීතයට රංගනයෙන් දායක වූ ප්‍රසිද්ධයැයි කියාගන්නා නිලියකට කොරියාවේ ලාංකික තරුණියින් විසින් කෙසෙල්ගෙඩි හා බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟින්.
එමෙන්ම මේ වන විට ප්‍රවීන කලාකරුවෙකු වූ වික්ටර් රත්නායක මහතාට වක්‍රව අපහාස වන ආකාරයෙන් මියුසික් වීඩියෝවක් නිර්මාණය කළ ඉරාජ්ගේ ජීවිත කතාව බවට පැවසෙන මියුසික් වීඩියෝවක්ද අන්තර්ජාලයට එක්ව තිබෙනවා. එම වීඩියෝවේ සිටින තරුණයා ලිංගික බෙලහීනතාවයකින් පසුවන අතර පසුව ඔහු විසින් අන්තර්ජාලයේ ඇති වීඩියෝ නරඹා එය අනුකරණය කරමින් ගීත නිර්මාණය කරන්නට පෙළඹෙන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.
අන්තර්ජාලයට නිකුත්වී දින 2ක් යන්නට පෙරම මෙම ගීතය Youtube හි Trending අංක 1ට පැමිණ තිබෙන්නේ ඉරාජ් විසින් වික්ටර් රත්නායක මහතාගේ ජීවිත කතාවට අපහාස කරමින් නිර්මාණය කළ වීඩියෝව අභිබවා වී විශේෂත්වයක්.
මේ ඉරාජ්ගේ ජීවිත කතාව බවට පැවසෙන Praj නම් අයෙකු විසින් නිර්මාණය කළ එම වීඩියෝවයි….

Comments